රාජිතගේ සුදු වෑන් රියදුරන් රදවාගෙන ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ සුදුවෑන් රියදුරන් ලෙස තමන්ව හඳුනාගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන් සඳුදා දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.