වයිට් අයිලන්ඩ් ගිනි කන්දේ අතුරුදන්වූවන් සොයයි

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ් හි ගිනි කන්ද පුපුරා යාමේ සිද්ධියේදී අතුරුදන් වූවන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ ආසන්න මුහුදේ කිමිදුම් කරුවන් යොදවා තවත් දෙදෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු සිදුවනවා.

කෙසේ වුවුද එය අසීරු කාර්යයක් බවයි එරට ආරක්ෂක අංශ සදහන් කරන්නේ. මේ වනවිට 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිබව තහවුරුවී තිබෙනවා.

තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබා නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සංචාරකයින් පිරිසක් රැදී සිටින අවස්ථාවේදීයි මෙම ගිනි කන්ද පුපුරා ගියේ.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :