2017 සා .පෙළ විභාගය ඇරඹෙයි

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා.
දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5116 කදීයි විභාගය පැවැත්වෙන්නේ.

මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 688 536 ක්.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 21 වන දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

විභාග නිරීක්ෂණ කටයුතු සඳහා ගුරුවරුන් 50,000 ක් පමණ යොදවා තිඛෙනවා.

විභාග ගැටලු දැනුම් දීම සඳහා විභාග දෙපාර්තමේන්තුව දුරකතන අංක කිහිපයක් ඇති අතර 1911 සහ පොලිස් මූලස්ථානයේ 0112 242 11 11 යන දුරකතන අංකවලට අදාළ ගැටලු දැනුම් දිය හැකියි.

මේ අතර 0112 88 52 20 දරන ෆැක්ස් අංකය ඔස්සේ, රහසිගත තොරතුරු ලබා දීම සඳහා ද අවස්ථාවක් ලබා දී තිඛෙනවා.

ඊට අමතරව විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් ළඟ ම පිහිටි පොලිස් ස්ථානයට ඒ පිළිබඳ පැමිණිලි කළ හැකි බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 000 ක්.

මේ අතර දුම්රිය වාර ප්‍රවේශපත් ලබාගෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පැමිණිමට සූදානමින් සිටි සිසුන්ට ඒවා භාවිතා කර පෞද්ගලික බස් රථවල ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ජාතික ගමනා ගමන කොමිෂණ් සභාවේ සභාපති එම් .ඒ .පි හේමචන්ද්‍ර මහතා සදහන් කළා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගෙන දුම්රියෙන් පැමිණිමට අපේක්ෂාවෙන් සිටි සිසුන්ට අද දිනයේ එවා භාවිත කර ලංගම බස්රථවල ගමන් කිරීමට හැකි බවයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish