හොංකො නිදහස් ව්‍යාපාරය නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කරයි

Sri Lanka

හොංකොං හි නිදහස සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය 2020 වසරේ සාම නොබෙල් ත්‍යාගය සඳහා නම් ලයිස්තුවට එක්කර ඇති බව සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.
මෙම පියවර ගෙන ඇත්තේ අදාළ නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ ජනතාවගේ අරගලයට ගරු කිරීම සඳහා බවයි එම වාර්තා පවසන්නේ.
චීනය විසින් හොංකොං වෙත පනවා ඇති ජාතික ආරක්ෂක නීතියට එරෙහිව මෙම අරගලය උත්සන්න වූ අතර එහිදී සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණා.
තවත් පිරිසක් මේ වන විටත් හොංකොං කලපයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් වෙනත් රටවල සිට එම අරගලයේ යෙදී සිටිනවා.
ඒ අනුව දැවැන්ත බලපෑම් මැද නිදහස් අරගලයක නිරතවීමයි මෙම ව්‍යාපාරය නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ කිරීමට බලපා ඇත්තේ.
කෙසේ වෙතත් මෙය චීනයේ බරපතල විරෝධයකට ලක්වන බවද එම වාර්තා පෙන්වා දෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *