කෝලි – අනුෂ්කා ඉතාලියේදී විවාහ වෙයි – Images

ඉන්දී්‍ය ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි පිතිකරු විරාත් කෝලි බොලිවුඩයේ සුපිරි නිළියක වන අනුෂ්කා ෂර්මා සමග විවාහවී තිඛෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කෝලි ඔහුගේ පෙම්වතිය සමග ඉතාලියේදී විවාහවී ඇති බවයි.
මෙහිදී සාම්ප්‍රදායික උත්සවයක් පැවති අතර බොලිවුඩ් තරු රැසක්ද එක්ව සිටි බව ප්‍රකාශ වනවා.
ඉන්දී්‍ය මාධ්‍ය මෙය හදුන්වා දෙන්නේ වසරේ විවාහය ලෙසයි.
ඉන්දියාවේදී මෙම විවාහ උත්සවය පැවැත්වූයේ නම් ඊට එල්ලවන අනවශ්‍ය අවධානය වලක්වා ගැනීම ඉතාලියේදී මංගල උත්සවය පැවැත්වීමට හේතුවී තිබුණා.

මේ අතර යළි ඉන්දියාවට පැමිණීමෙන් පසු විශේෂ අමුත්තන් සදහා වන උත්සවයක්ද පැවැත්වීමටයි නව යුවල තීරණය කර ඇත්තේ.
මෙම විවාහයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර සිං මෝදි මහතා / අමිතාබ් බච්චන් / අභිෂේක් බච්චන් / ප්‍රියංකා චොප්රා / ෂාරුක් ඛාන් ඇතුලු සුපිරි තරු රැසක්ම අන්තර්ජාලය ඔස්සේද සුබ පැතුම් පිරිනමා තිඛෙනවා.
මෙම මංගල උත්සවයකට එක්වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ටද අවස්ථාව හිමිවූයේ නැහැ.

 

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.