හමුදා පාලනයට එරෙහි සටනට මියන්මාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්වෙයි

Sri Lanka

මියන්මාරයේ හමුදා පාලනය ප්‍රතික්ෂේප කරමින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300ක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.
වීඩියෝ තාක්ෂණය හරහා සම්බන්ධවෙමින් ඔවුන් මෙම එකඟතාවය නිවේදනය කළ බවයි මියන්මාර වාර්තා පවසන්නේ.
ඒ අනුව මියන්මාර ජනතාවගේ එකම පාලන ක්‍රමවේදය ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගනු ලැබූ පාර්ලිමේන්තුව බවත් ඒ හැර හමුදා පාලනයකට තමන් හිස නොනමන බවත් ඔවුන් අවධාරණය කර තිබෙනවා.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයෙන් දින කිහිපයකට පසු එරට ජනතාව වීථි බැස විරෝධතා සිදුකරන අතර ඒ සඳහා පූර්ණ සහාය පල කරන බවයි මියන්මාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන්නේ.
පසුගියදා පැවැති මහ මැතිවරණයෙන් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලීගය බහුතර බලයක් අත්කරගත් අතර නව රජයේ කටයුතු ආරම්භවීමට නියමිත වූ දිනය තුලයි හමුදා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වූයේ.
කෙසේ වෙතත් මේ දක්වා විරෝධතාවලට හමුදාවෙන් බලපෑමක් එල්ලවී නොමැති බවද මියන්මාර වාර්තා පවසනවා.
එහෙත් එය අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ද එම වාර්තා අවධාරණය කරනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *