ලබන සතියේ ලංකාවෙන් ඉන්දියාවට, ජපානයට විශේෂ ඉල්ලීමක්

ByLankaAnews

Feb 8, 2021

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්වන්නැයි ශ්‍රී ලංකාව නිල වශයෙන් ඉන්දියාවට හා ජපානයට ඇරයුම් කිරීමට තීරණය කර තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් යූ ඩී සී ජයලාල් මහතා පැවසුවේ ඒ සඳහා වන නිල ආරාධනය ඉදිරි සතියේදී මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ජපාන තානාපති කාර්යාලය මගින් සිදුකිරීමට නියමිත බවයි.

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ඉදිරියට ගෙනයමින් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සම්බන්ධ කර ගනිමින් ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට රජය පසුගිය දා කැමැත්ත කළ පලා.
ඒ සියයට 85 ක් එම රටවලටත් ශ්‍රී ලංකාවට සියයට 15ක් වන පරිදි වසර 35ක කාලයක් සඳහායි.

මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය එක්ව බටහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනයන් කිරීමට පසුගිය සතියේ විශේෂ කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණා.
මීට පෙර නැගෙනහිර පර්යන්තය පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කරන ලද කමිටුවල සාමාජිකයන්ද මෙම නව කමිටුවට ඇතුළත්.
එම නව කමිටුවේ යෝජනා පදනම් කර ගනිමින් ඉන්දියාව සහ ජපානය සමග බටහිර පර්යන්තය පිළිබඳව නව සාකච්ඡා ආරම්භ කිරීමටයි රජය සූදානමින් පසුවන්නේ.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දේනේ වඩාත් උපායමාර්ගිකව වැදගත් බැවින් නැගෙනහිර පර්යන්තය හැර බටහිර පර්යන්තය පිළිබද අදාළ දෙරට උනන්දුවක් නොදක්වන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *