දින 06 ක් පුරා පැවති දුම්රිය වැඩ වර්ජනය අද අවසන් කෙරුණා.

ඒ ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුවයි.

වැටුප් විෂමතා ගැටලුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය 06 වනදා මධ්‍යම රාත්‍රී සිට වර්ජනයක් ආරම්භ කළ අතර පසුව වර්ජනයට තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්වුණා.

ගැටලුව විසදීම සදහා ජනාධිපති ලේකම්වරයා සමඟද අවස්ථා දෙකකදී දුම්රිය වෘත්තිය සමිති සාකච්ඡා සිදු කළද එම සාකච්ඡා ද අසාර්ථක වූණා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයඊයේ දිනයේ ආරම්භ කෙරුණු අතර විභාග අපේක්ෂකයින් පිළිබඳව සැලකිල්ලක් දක්වමින් යළි රාජකාරිය සඳහා පැමිණෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමද වර්ජකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අනුව වර්ජනය අද නිමාවට පත්ව ඇත්තේ දුම්රිය සේවකයින්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කරමිනුයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.