2019 වසරේ දී උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් 2017 වසරේ සිට උසස් පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය සඳහා හඳුන්වාදෙන ලද නව විෂය නිර්දේශය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන්  මතුව ඇති ගැටළු සැලකිල්ලට ගනිමින් පැරණි විෂය නිර්දේශය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට තිබෙනවා. ඒ, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයේ තීරණය මත, පාලක සභාව වෙත ලබාදුන් නිර්දේශයන්ට අදාළවයි. ‍

ඒ අනුව, 2019 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන, සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන  සියලු සිසුන්ට පැරණි විෂය නිර්දේශය ම තවදුරටත් ක්‍රියාත්මක කිරීමටයි,  අධ්‍යාපන ලේකම්වරයා විසින් උපදෙස් ලබාදී තිබෙන්නේ.

නව විෂය නිර්දේශය සම්බන්ධ ව මතුව ඇති ගැටළු පිළිබඳ ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ පිළිබඳ වාර්තාවක් කැඳවනු ලැබූවා.

මීට අදාළ චක්‍රලේඛය සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන් ඇතුළු පාසල් ප්‍රජාව වෙත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

23987

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6052

දැනට රෝගීන්

118

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.