විස්සයි විස්ස හටනට ලංකාව පිළ ඉන්දියාවට යයි

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා අද (02) පිටත්ව ගියා.

ඉන්දියාව සමග විස්සයි විස්ස තරග 3 කට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අතර පළමු තරගය ලබන 5 වනදා ග්වාති හිදී පැවැත්වීමට නියමිතයි. මෙහිදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස විරාට් කෝලි නම් කර ඇති අතර ලෝකේෂ් රාහුල්,  ශිකර් දවාන්,  මනිෂ් පාණ්ඩේ හා කුල්දීප් යාදේව් වැනි තරුණ ක්‍රීඩකයන් මෙවර සංචිතයට ඇතුළත්ව තිබෙනවා. තරගාවලියට සහභාගී වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක,  අවිෂ්ක ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිවිස්,  දසුන් ශානක,  කුසල් ජනිත් පෙරේරා,  නිරෝෂන් දික්වැල්ල, ධනංජයද සිල්වා, ඉසුරු උදාන , භානුක රාජපක්ෂ  සහ ඕෂධ ප්‍රනාන්දු සංචිතයට ඇතුළත් වනවා. වනිදු හසරංග, ලහිරු කුමාර,  කුසල් මෙන්ඩිස්,  ලක්ෂාන් සදකැන් ද මෙම සංචිතයේ සෙසු සාමාජිකයන් වනවා.