දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත අත්හිටුවයි

Sri Lanka

දකුණු අප්‍රිකාව විසින් එරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත ලබාදීම අත්හිටුවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ එරටින් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයට එරෙහිව එම එන්නතෙන් ලබාදෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින් දකුණු අප්‍රිකා බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.
ඒ අනුව විශේෂඥ කමිටු උපදෙස් ලැබෙන තෙක් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවන බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එරට විශ්විවිද්‍යාලයක් විසින් පුද්ගලයන් 2,000 ක් පමණ යොදා ගනිමින් සිදු කරන ලද අධ්‍යනයකින් පසු සෞඛ්‍ය බලධාරීන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඇස්ට්‍රා සෙනෙකා -ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනුවට ෆයිසර් හා මොඩර්නා සමාගම් නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නත් සිය සෞඛ්‍ය සේවකයන්ට ලබාදෙන බවයි දකුණු අප්‍රිකාව ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොරෝනා මර්දන එන්නත එක්සත් රාජධානියෙන් හමුවූ නව එන්නත් ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකාන කොරෝනා ප්‍රභේදය වඩාත් අවදානම් විය හැකි බවයි වසංගත රෝග විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *