පළාත් පාලන ආයතන 93 කට පොහොට්ටුව නාම යෝජනා දී අවසන්

වසර 03 ක් තිස්සේ සියලූ ක්ෂේත‍්‍රයන් තුළ රට අන්ත අගාදයකට ඇද දැමූ වත්මන් දුෂිත අසම්මත ආණ්ඩුවට එරෙහිව ජනමත විමසුමක් ලෙස මෙම මැතිවණය භාවිත කල යුතු බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

පළමුව නාමයෝජනා කැදවූ පළාත් පාලන ආයතන 93 න් ආයතන රැුසකට දැනටමත් නාමයෝජනා බාර දී අවසන්ව ඇත. ඉතිරි පළාත් පාලන ආයතන සදහා නාමයෝජනා බාර දීම අද අවසන් කිරීමට නියමිතයි. එම පළාත් පාලන ආයතන 93 න් 84 ක් සදහා පොහොට්ටුව ලකුණින් ද නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක් සදහා බෝට්ටුව ලකුණින්ද, තරග වදින අතර බේරුවල නගර සභාවට සහ බණ්ඩාරවෙල නගර සභාවට තරග වදින්නේ ස්වාධීන කණ්ඩායමකිනි.

පළාත් පාලන මැතිවරණයට අප තරග කරන්නේ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙසයි. මෙවර මැතිවරණයට තරග කරන සියලූ කණ්ඩායම් අතරින් වැඩිම දේශපාලන පක්ෂ සංඛ්‍යාවකින් සැදුම්ලත් දේශපාලන සංධානය වන්නේ ඒකාබද්ධ පොදුජන පෙරමුණයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, දේශ විමුක්ති ජනතා පක්ෂය ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක් සහ සමාජ සංවිධාන රැුසක් ඒකාබද්ධ පොදුජන පෙරමුණ සම`ග සංධානගත වී ඇත.

වසර 03 ක් තිස්සේ සියලූ ක්ෂේත‍්‍රයන් තුළ රට අන්ත අගාදයකට ඇද දැමූ වත්මන් දුෂිත අසම්මත ආණ්ඩුවට එරෙහිව ජනමත විමසුමක් ලෙස මෙම පළාත් පාලන මැතිවරණය භාවිත කිරීම අපගේ අපේක්ෂාවයි. මෙම ආණ්ඩුවට එරෙහි අපගේ චෝදනා පත‍්‍රය පහත පරිදි වේ.

  1. ජාතික සම්පත් විකුණාගෙන කෑම,
  2. ජාතික ආර්ථිකය වැනසීම,
  3. ග‍්‍රාමීය ආර්ථිකය බිද දැමීම,
  4. ජනතාවගේ ආදායම් මාර්ග සියල්ල අහිමි කිරීම,
  5. ජීවන වියදම අහස උසට නැංවා ජනතාව අන්ත අසරණ කිරීම,
  6. සංවර්ධනය මු`ඵමණින්ම නතර කිරීම,
  7. රණවිරුවන් දඩයම් කිරීම,
  8. රට බෙදීම,
  9. ජාත්‍යන්තරය හමුවේ රට පාවා දීම,
  10. ජාතික සමගිය බිද දැමීම,
  11. උතුම් ආගමික නායකයින්ගේ සිට සමස්ත සමාජයම මර්ධනය කිරීම,
  12. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සියල්ල වැනසීම
  13. දුෂණය, වංචාව, අවනීතිය රජ කරවීම.

ආණ්ඩුවේ මෙම විකෘති හැසිරීම් නිවැරදිව අවබෝධ කරගත් ජනතාවගේ මහජන බලය පෙරටු කර ගනිමින් තවදුරටත් මහජනතාව දැනුවත් කර වර්තමාන ආණ්ඩුව මෙම පළාත් පාලන මැතිවරණයේදී නියත වශයෙන්ම පරාජය කිරීම ස`දහා ඒකාබද්ධ පොදුජන පෙරමුණ දැන් සියලූ බලමු`ඵ තරකොට අවසන්ය.

ආණ්ඩු විරෝධී බලවේග සියල්ල රට වෙනුවෙන් එක වේදිකාවකට ගොඩවීමේ දේශපාලනික සංකේතය ඒකාබද්ධ පොදුජන පෙරමුණයි. අපගේ ආණ්ඩු විරෝධී ක`දවුර මෙරට ඉතිහාසයේ බිහි වූ සුවිශාලම ආණ්ඩු විරෝධී දේශපාලන බලවේගයයි. කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කර ජාතික සංවර්ධනයේ ඉහළම තලයකට අපගේ මාතෘභූමිය ඔසවා තැබූ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් එකී දේශපාලන බලවේගයේ මහාපොදු සාධකයයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි වූ කීර්තිමත් ජනතා ප‍්‍රසාදය, තුන් අවුරුද්දක් තිස්සේ සියලූ ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ප‍්‍රකට කළ සිය අසමත්භාවය සහ යහපාලන ප‍්‍රතිපත්ති කෙරෙහි විශ්වාසය තබා වත්මන් ආණ්ඩුව බලයට පත් කළ ජනතාවගේ දැවැන්ත කලකිරීම යන ත‍්‍රිවිධාකාර වූ සාදක මත ගොඩනැගුණු මහා ජනපදනම ගොනුවී ඇත්තේ අප වටා බව ඉතා පැහැදිලිය.

ඊට අමතරව මේ මොහොතේ පවතින තත්වයන් පිළිබ`ද සලකා බලා මැතිවරණයකදී දේශපාලන තීන්දු ගන්නා පාවෙන ඡුන්ද පදනමද මේ වනවිට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප‍්‍රමුඛ අප සංධානය වෙත නැඹුරු වී අවසන්ය. මේ සියලූ දේශපාලන කරුණු තුළින් තහවුරු වන්නේ අපගේ ජයග‍්‍රහණයයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.