සරණට ඇප

රාජ්‍ය මුදල් අවභාවිතයට වසර 03ක සිරදඬුවමක් නියම වූ සරණ ගුණවර්ධන මහතාට ඇප හිමිව තිබෙනවා.

ඒ තමන්ට එරෙහි නඩු තීන්දුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ අභියාචනයක් ගොනු කිරීමෙන් පසුවයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිය දි රජයට පාඩුවක් සිදු කිරිමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත වසර 03 ක සිර දඬුවම් නියම කළා.

2005 වසරේ මැයි පස් වනදා සිට 2007 වසරේ අප්‍රේල් 30 වනදා දක්වා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටිය දි රුපියල් 960000 කට වාහන තුනක් බදු ක්‍රමයට ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණේ.