හඩපට ප්‍රසිද්ධ නොකරන්න ඉල්ලූ පෙත්සම විසිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද හඩපට මාධ්‍යයට නිකුත්වීම වළක්වන්නැයි ඉදිරිපත් කළ පෙත්සමක් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

මෙම දුරකතන සංවාද හේතුවෙන් මේ වන විට සමාජයේ ක්ෂේත්‍ර රැසක දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදීමට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් නීතිපතිවරයා ගොණුකර  තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 30 වනදා රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමටෙ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා.

එම නියෝගය දෝෂ සහිත බව පවසා එය ප්‍රතිශෝධනය කරන ලෙසයි නීතිපතිවරයා මහාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.