අසර්බයිජානයේ හටගත් ගින්නකින් ලක් සිසුවියන් තිදෙනකු මරුට

අසර්බයිජානයේ නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් ශ්‍රී‍්‍ර ලාංකික සිසුවියන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට වෙස්ට් කැසිපියන් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හැදෑරූ තුන් දෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. ඔවුන් අවුරුදු 21,23 සහ 25 වයස් සීමාවල පසුවනවා.

නවාතැන් ගෙන සිටි කාමරයේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි විශ්වාස කරන්නේ. එම සිසුවියන් අධ්‍යාපනය සඳහා අසර්බයිජානයට ගොස් ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදී.