සම්මානනීය කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය.

පවුලේ ඥාතීන් පැවසුවේ, කෙටි කලක් රෝගාතුරව පසු වූ මනෝරත්න මහතා සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 71 කි.

ඔහුදේ දේහය අද පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා බොරැලස්ගමුව, රත්නාරාම පාරේ අභයරත්න මාවතේ පිහිටි නො. 18 නිවසේ තැන්පත් කර තැබෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළහ.

1558

ආසාදිතයන්

754

සුවය ලැබූ

794

දැනට රෝගීන්

10

මරණ

බෙදා හරින්න :