

2014 වසරේ ඔක්තෝබර් මස 21 වනදා වරාය පරිශ්‍රයට අයුතු ඇතුල්වීමක් කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු හය දෙනා නිදොස්කොට නිදහස් කෙරිණ.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ.
2014 වසරේදී වරාය පරිශ්‍රයේ ජනාධිපතිවරණයට අදාළ පෝස්ටර් මුද්‍රණය කරන බවට ලැබුණු තොරතුරක් මත එහි ගොස් පරික්ෂා කිරීමකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි ඇප මත මුදා හැරිණ.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464