ඕස්ට්‍රේලියා ලැව් ගිනි පාලනය කළ හැකි මට්ටමට

මාස තුනක් පුරා ඇවිලෙමින් තිබූ ඕස්ට්‍රේලියා ලැව්ගිනි පාලනය කර ගත හැකි මට්ටමට  පැමිණ ඇති බව ඕස්ට්‍රේලියා වාර්තා සඳහන් කරනවා.

නමුත් තවමත් ප්‍රදේශ රැසක ලැව්ගිනි පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඕස්ට්‍රේලියාවේ ගිනිකොන දිග ප්‍රදේශයේ  ස්ථාන කිහිපයක පැවති මහාපරිමාන ලැව්ගිනි මෙසේ පාලනය කර ගත හැකි මට්ටමට පැමිණ තිබෙනවා. පවතින සෞම්‍ය කාලගුණ තත්ත්වය සහ ගිනිනිවීමේ කටයුතු කඩිනහින් සිදු කිරීම හේතුවෙන් ලැව් ගිනි පාලනය කර ගත හැකි තත්ත්වයට පැමිණ ඇති බව සඳහන්.

මේ අතර ලැව්ගිනි පාලනය සඳහා ඕස්ට්‍රේලියා රජය ඇමෙරිකා ඩොලර් මිලියන 34.56 ක මුදලක් මූලික ආධාර ලෙස ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම ආධාරවලින් අඩක් තුවාල ලැබූ සතුන් සඳහා වෙන් කිරීමට නියමිතයි.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :