කටුනායකට ආ ලයන් එයාර් යානයකින් මළ සිරුරු 2ක්

ලයන් එයාර් ගුවන් යානයක් මඟීන් 285 දෙනෙකු සමඟ කටුනායක ගුවන් තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

සවුදි අරාබියේ ජෙඩා සිට ඉන්දුනීසියාවේ ජුවන්ඩා බලා පියාසර කරමින් තිබූ ඒ 330 වර්ගයේ ගුවන් යානය මෙලෙස කටුනායකට ගොඩබස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ යානයේ මඟීන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුරවීම හේතුවෙන්. පසුව ශ්‍රී‍්‍ර ලාංකික වෛද්‍යවරුන් ඔවුන් පරීක්ෂා කළ ද දෙදෙනාම මියගොස් සිටි බවයි ගුවන් තොටුපොළ බලධාරීන් පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔවුන් ඉන්දුනීසියානු ජාතිකයන් බවයි කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළේ.