රංජන්ගේ හඩපට ගැන රස පරීක්ෂක විමර්ශන ඇරඹේ

මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ දුරකථන සංවාද හා හඩපට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර ඊට අදාළව පොලිසිය, අධිකරණ සේවා කොමිෂන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් කෙරුණා.

එම සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ණවලට අනූව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර කළා.