රංජන් තාවකාලිකව එජාපයෙන් නෙරපයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සදහන් කළේ එක්සත් ජාතික පක්ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

බුදුදහමට අපහාස කිරීම සහ සංඝයාවහන්සේට එරෙහිව ප්‍රකාශ ඉදිරිපත් කිරීම සහ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඩපට සහ සංයුක්ත තැටි ඔහුගේ නිවසේ තිබූ හමුවීම යන හේතු මත මෙම පියවර ගෙන තිබුණා.

ඔහුට එරෙහිව ඇති චෝදනා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.