පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට දැවැන්ත පරාජයක්

ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ක්‍රිකට් පළමු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.
ඒ කඩුලු 10කින් ඉන්දියාව පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 255ක් රැස් කළා.
ඒ පන්දුවාරි 49යි එක් පන්දුවකදී.
ෂිකර් ධවාන් ලකුණු 74 යි. ලෝකේෂ් රාහුල් ලකුණු 47යි.
මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව තරගය ජයගත්තේ පන්දුවාර 37 යි පන්දු 4කදී කිසිවකු නොදැවී ලකුණු 258ක් රැස් කරමින්.
ඩේවිඩ් වර්නර් නොදැවී ලකුණු 128ක් හා ඒරන් ෆින්ච් නොදැවී ලකුණු 110ක් ලබාගත්තා.
ඒ අනුව තරගාවලිය 1 ට 0 ක් ලෙස ඉදිරියෙන් පසුවන්නේ කැන්ගරු දේශයයි.