සිය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකර තිබූ අභියාචනා පෙත්සම විභාගයට අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමුණා.
ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසුවයි.
මැයි 3 වැනිදා අභියාචනාධිකරණය විසින් තමා ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක බවට නිගමනය කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට ලබාදුන් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා ගීතා කුමාරසිංහ මහත්මිය එම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණා.
එම අභියාචනා පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෘෘ, බුවනෙක අලුවිහාරේ, අනිල් ගුණරත්න හා නලින් පෙරේරා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි විභාගයට ගැණුනේ.
ලබන 10 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරනා ලෙසටද විනිසුරු මඩුල්ල සියලු පාර්ශ්වවලට නියෝග කරනු ලැබුවා.
ගීතාගේ අභියාචනයේ විභාගය අවසන් / තීන්දුව ප්‍රකාශ කිරීම කල් යයි

53408
45820
7324
270