විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

වියළි කාලගුණයත් සමඟ විදුලිබල ඉල්ලුමේ ද ඉහළ යාමක් පවතින බවයි මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. දෛනික විදුලි ජනනයෙන් 70% ක් පමණ තාප බලාගාර හරහා ජනනය කිරීමට සිදුව ඇති බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.