සවුදියේ කුමාරයා ජෙෆ් බෙසොස්ගේ දුරකථනය හැක් කරලා

ලොව සුප්‍රකටම ධනවතකු වන ඇමසන් සමාගමේ හිමිකරු ජෙෆ් බෙසොස්ගේ දුරකථන දත්ත හා සංවාද සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් විසින් රහසිගතව ලබාගෙන ඇති බවට අනාවරණයක් සිදුව තිබෙනවා.
2018 වසරේ සිට ජෙෆ් පෙසොස්ගේ දුරකථන සංවාද හා වීඩියෝ දර්ශන වට්ස් ඇප් හරහා සවුදියේ සල්මාන් කුමරු වෙත ලැබී ඇති බවයි බ්ලූම්බර්ගේ වෙබ් අඩවිය පවසන්නේ.
ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ආයෝජනවලදී වාසි ලබා ගැනීම සදහා පුද්ගලයින් දෙදනකු යොදා ගනිමින් මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් පලකරන සවුදි රජය පවසන්නේ අදාළ ප්‍රකාශ අසත්‍ය වන අතර චෝදනා පිළිබද අවධානය යොමුව ඇති බවයි.
ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කරන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish