නිර්භයාගේ ඝාතකයින් මරණය ලංවී කම්පනයෙන්

2012 වසරේදී ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියේ වරදකරුවන්වී මරණ දඩුවම නියමවූවන් මේ වන විට බන්ධනාගාරය තුල දැඩි කම්පනයකින් කාලය ගත කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අපරාධකරුවන්ට එරෙහි මරණ දඩුවම ක්‍රියාත්මක කරන දිනය ක්‍රමයෙන් ලගාවීම සමගයි.
එළඹෙන පෙබරවාරි පළමුවනදා මෙම අපරාධකරුවන් එල්ලා මරා දැමීමට නියමිතයි.
ඒ වෙනුවෙන් විශේෂ එල්ලුම් ගසක්ද නිර්මාණය කර ඇත්තේ අපරාධකරුවන් 4 දෙනාම එකවර එල්ලා මරා දැමීම සදහායි.
කෙසේ වෙතත් දඩුවමට ලක්වීමට නියමිත මෙම පිරිස මරණ දඩුවමට ලක්වන්නන්ට ලබාදෙන අවසන් කැමැත්ත පවා මෙතෙක් ඉල්ලා නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මරණයට පෙර අවශ්‍ය අවසන් දේ දැනුම් දෙන්නැයි බන්ධනාගාර නිලධාරීන් නිල වශයෙන් දන්වා තිබුණද අපරාධකරුවන් ඊට ප්‍රතිචාර පල කර නැහැ.
ඊට අමතරව සිය ඥාතීන් මුණ ගැසීමද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිද්ධියේදී මිය ගිය තරුණිය නිර්භයා යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන අතර එම ඝාතනය ජාත්‍යන්තර වශයෙන්ද කාන්තා හිංසනයන්ට එරෙහිව දැඩි අවධානයකට ලක්වුණා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish