චීනයේ කොරෝනා මරණ 25 තෙක් ඉහළට

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව 800 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ එම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ නගර රැසකට ඇතුළුවීම හා පිටවීම නොකරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීමත් සමගයි.

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 800 ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා අනාවරණ කළේ, කොරෝනා ආසාදනයෙන් මේ වන විට පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවයි.

ඉන් වැඩි සංඛ්‍යාවක් චීන ජාතිකයින්.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හමුවේ චීනයේ වූහාන් ඇතුළු නගර කිහිපයකට ඇතුළු වීම හා පිටවීම නොකරන ලෙස දැනටමත් එරට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර මේ හේතුවෙන් චීනයේ බීජිං හා හොන්කොන් රාජ්‍යයයේ පැවැත්වීමට තිබූ උත්සව රැසක් අත්හිටුවා ඇත්තේ ජනාතාව රැස්වීම් තවදුරටත් අවම කිරීමේ අරමුණිනි.

මේ අතර අමෙරිකාව කොරෝනා වෛරසය ආසාදිත දෙවැනි පුද්ගලයා පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish