ශ්‍රී ලංකාවෙන් තේ ඇතුලු සියලු කෘෂි බෝග මිලදී ගැනීම වහා අත්හිටුවීමට රුසියාව තීරණය කර තිඛෙනවා.
ඒ ශ්‍රී ලංකාවෙන් එරටට යොමුකළ තේ තොගයක් තුල කෘමි විශේෂයක් හමුවීමත් සමගයි.
රුසියාවට ගෙන්වන තේ ප්‍රමාණයෙන් සියයට 23ක් මෙතෙක් මිලදී ගනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් වන අතර මෙරට වැඩිම තේ ප්‍රමාණයක් මිලදී ගන්නා රටක් ලෙසද රුසියාව සැලකෙනවා.
ඒ අනුව මෙරට ආර්ථිකයටද මේ හරහා දැවැන්ත බලපෑමක් එල්ලවනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සදහන් කළේ.
කෙසේ වෙතත් මෙම තත්ත්වය සමනය කිරීම සදහා වහාම ඉදිරි පියවර ගන්නා බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.