ගෝඨට එරෙහිව පියවර නොගන්නා වාරණය යළිත් දික්වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අරාධ කොට්ඨාසයට වළකාන්නැයි ඉල්ලමින් පවරා ඇති පෙත්සමට අදාළව ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනවාරි 25 දා තෙක් වළක්වාලමින් අභියාචනාධිකරණය පනවා තිබූ අතුරු තහනම අද යළිත් දීර්ඝ කළා.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිමේ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒ්කකය සිදුකරන පරීක්ෂණවලට අදාළවයි නියෝගය නිකුත් කළේ.

හිටපු අාරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම පසුගිය 29දා ගොනුකළ අතර එහිදී මුලින්ම දෙසැම්බර් 6 දා දක්වාත් පසුව අද (15දා) දක්වාත් අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබුවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish