ලංකාවෙන් හමුවූ රෝගීන්ට කොරෝනා නැතැයි හෙළිවේ

කොරෝනා වෛරසය ආසාදනයවූ බවට සැක පිට අයි ඩී එච් බෝ නොවන රෝග විද්‍යායතනයට ඇතුලුවූ රෝගීන්ට එම වෛරසද ආසාදනයවී නොමැති බව තහවුරුව තිබෙනවා.
ඒ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදුකළ පර්යේෂණවලට අනුවයි.
මේ දක්වා රෝගීන් 4 දෙනකු රෝහල්ගතව තිබූ අතර ඉන් 3 දෙනකු චීන ජාතිකයින්.
ඔවුන්ට උණ , සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පැවතියද ඒවා බරපතල නොවන බවයි තහවුරු කර ඇත්තේ.
ඒ අනුව මේ දක්වාම ලංකාවෙන් කිසිදු කොරෝනා රෝගියකු වාර්තා වී නැහැ.
එබැවින් මේ පිළිබද අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :