සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව ගැන අවධානයෙන්

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්‍ෂණ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙවන් වෛරසයකට එරෙහිව කටයුතු කිරීමේදී උසස් තත්ත්වයේ රසායනාගාර අවශ්‍ය බවයි.
කොරෝනා වෛරසය අඩංගු රෝගියෙකුගේ රුධිර පරීක්‍ෂාවක් කළහොත් එම පරීක්‍ෂාව සිදුකළ ස්ථානයේ අවට වාතය පවා වායුගෝලයට මුදාහැරිය යුත්තේ ආරක්‍ෂිත තත්ත්ව යටතේ බවද ඔහු අවධාරණය කළා.
එබැවින් මෙම ගැටළු පිළිබද බලධාරීන් කඩිනම් විසදුම් ලබාදෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ.

166

ලංකාවේ ආසාදිතයන්

27

සුවය ලැබූ

134

දැනට රෝගීන්

5

ලංකාවේ මරණ