කොරෝනා මරණ 82 ට නගී / චීනයට බරපතලයි

කොරෝනා වෛරසය වර්ධනයවීම හේතුවෙන් මිය ගිය ගණන 82 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ රෝගීන් 2700කට නිශ්චිතවම වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරු කර ඇති බවයි.
තවත් දහස් සංඛ්‍යාත පිරිසක් වෛරසය ආසාදනයවූ බවට වන සැකය මත පරීක්ෂණ සදහා යොමුකර තිබෙනවා.
මේ වන විට කෝටි 6ක පිරිසක් නගර 16ක කොටුව සිටින අතර ඔවුන්ට ඉන් පිටතට ඒමට පවා චීන රජය අවසර ලබාදීමක් සිදුකරන්නේ නැහැ.
එම නගර තුල වෛසරය වඩාත් වේගයෙන් පැතිර යන බවටයි මේ වන විට වාර්තා වන්නේ.
එම නගර තුල කොටුව සිටින පිරිසට විදේශිකයින් දහස් ගණනක්ද ඇතුලත්.
මේ වන විට චීනයේ සංචාරය කිරීමෙන් වලකින්නැයි අමෙරිකාව තුර්කිය ඇතුලු රටවල් ගණනාවක්ම සිය ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.