එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට සජිත් පිල නෑ

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් අද පැවැත්වෙන රැස්වීමට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

එම පිරිස මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂයේ සමගිය පළුදු වන ආකාරයෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් 4 දෙනෙකු ඉවත් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙනි.

අජිත් පී. පෙරේරා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , ඉමිටියාස් බාකීර් මාකාර්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සවස 3 ට ආරම්භවීමට නියමිත බව ඊයේ වාර්තා විය.