බළලකු සපා කෑමෙන් පුද්ගලයකු මරුට

යාපනයේ වැසියෙකු පූසෙකු සපාකෑම නිසා 15 දා මරුමුවට පත්ව තිබේ.යාපනයේ සංගානෙයි ප්‍රදේශයේ පදිංචි කරුවකු 14 දා රාත්‍රියේ ඔහුගේ නිවසේ බිම පැදුරක් එලාගෙන නිදා සිටියදී බළලකු ඔහු සපා කෑම නිසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙම මරණය පිළිබදව මියගිය අයගේ බිරිද පොලීසියට ලබා දුන් කට උත්තරය පිළිබදව පොලීසියට විශාල සැකයක් හටගත් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් වනතුරු මියගිය අයගේ බිරිද පොලිස් බාරයේ තබාගෙන ඇත.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ සංගානෙයි පදිංචි පසුපති පද්මනාදන් නැමති හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකි.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.ප්‍රේම්කුමාර් මහතා මේ මරණය විෂ ශරීරගතවීම නිසා සිදුවූ මරණයක් බවටත් එය හදිසි අනතුරක් බවටත් නිගමනය කොට තිබේ.
කෙසේ වෙතත් මෙම බළලාට යම් රෝගයක් වැළදී ඇති බව සැකකරණ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හැකිනම් එම බළලා අල්ලාගෙන රෝහලට රැගෙන එන මෙන් පොලීසියෙන් හා මියගිය අයගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවන ලද යාපනය පොලීසිය මියගිය අයගේ මළ සිරුර 15 දා ඥාතීන් වෙත බාර දී තිබේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish