ලංකාවේදී චීන ජාතිකයින්ට සිදුවන පීඩා ගැන චීනය කණගාටුවෙයි

ශ්‍රී ලංකාවේ රැදී සිටින චීන ජාතිකයින්ට සේවා සැපයීම ඇතැම් ස්ථාන පුද්ගලයින් විසින් ප්‍රතික්ෂේප කිරීම කණගාටුදායක බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ මෙම අසීරු අවස්ථාවේ මෙතෙක් ලංකාවෙන් හිමිවූ සහාය අගය කරන අතරම තවදුරටත් එම සහාය අපේක්ෂා කරන බවයි.

“අපි අවසානයේදී කොහොමහරි මේ වසංගතය පරාජය කරනවා. අපි ආපසු හැරී බැලූවාම අපට මතක තියෙන්නේ අපට උදව් උපකාර කරපු අයගේ මුහුණු. අපි දිරිගන්වපු අය.

අපට උණුසුම් දෑත් දිගු කළ පිරිස. අප බලාපොරොත්තු වෙන්නෙත් එයයි. ශ්‍රී ලාංකික ජනතාව දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලට මුහුණ දුන්නාම චීන ජනතාව කළේ ද එයයි.

පහුගිය දින කිහිපයේදී චීන තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයට ශ්‍රී ලාංකික මිතුරන්ගෙන්  බොහෝ උදව් උපකාර ලැබුණා. අපේ ශ්‍රී ලාංකික මිතුරන් අප දිරිගැන්වුවා. මේ අවස්ථාවේදී එය අපට ඉතා විශාල දෙයක්. එය ඉතාම උණුසුම් සහ අපට මහත් ආශීර්වාදයක්. එය අපේ හිත්වල ආදරය සහ අනුකම්පාව උපදවනවා.

වගකීම් සහගත සහ ප්‍රධාන රටක් ලෙස කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට චීනය පියවර රැසක් ගෙන තිබෙනවා.

ඒ බොහෝමයක් ශ්‍රී ලංකාවට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව හුබෙයි පළාතේ වැසියන්ට ශ්‍රී ලංකාවට නොඑන ලෙස දැනුම් දී තිබෙනවා. ඒ වගේම සැකකටයුතු සිදුවීම්, රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම් මෙන්ම කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ද අපි අපේ ජාතිකයන්ට දැනුම් දී තිබෙනවා. ඒ වගේම අනෙක් පළාත්වල පිරිස් ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අනිවාර්යයෙන්ම දින 14ක නිරෝධායන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ද අපි දැනටමත් අවශ්‍ය උපදෙස් දී තිබෙනවා.

වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් මුදාගැනීම සඳහා අපි අපේ පූර්ණ සහයෝගය ලබාදුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා බලධාරීන් ද අදාළ පියවර සහ ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බව අප සිහිපත් කරනවා.

ඒ වගේම ශ්‍රී ලාංකාවේ මහජනතාව රජයේ උපදෙස් පිළිපදිමින් සමාජ සම්මතය ආරක්ෂා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :