කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න නියෝග

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සදහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම සඳහා සිදු කළ ගනුදෙනුවකට අදාළව සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගකර තිබුණා.

නීතිපතිවරයා මෙම නියෝගය කර තිබුණේ, ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ සැලකිල්ල යොමු කරමිනුයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish