කොරෝනා මරණ 426 ට වැඩිවෙයි / ආසාධිතයන් 20,000 යි

Travellers wearing facemasks arrive from various provinces at the Beijing Railway Station on February 3, 2020. - China said February 3 it urgently needed medical equipment and surgical masks as the death toll from a new coronavirus jumped above 360, making it more deadly than the SARS crisis nearly two decades ago. (Photo by NOEL CELIS / AFP) (Photo by NOEL CELIS/AFP via Getty Images)

වූහාන් කොරෝනා වෛරසය ආසාදනයවූවන්සංඛ්‍යාව 20,000 ක් ඉක්මවා තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ මරණ සංඛ්‍යාවද 426ක් දක්වා වර්ධනයවී ඇති බවයි.
වෛරසය හේතුවෙන් චීනයෙන් පිටතදී වාර්තාවූ දෙවන මරණයද මේ වන විට වාර්තාවී තිබෙනවා.
ඒ හොංකොං හී වාසය කළ 39 හැවිරිදි පුද්ගලයකු වෛරසය හේතුවෙන් මරණයට පත්වීම සමගයි.
මීට පෙර පිලිපීනයේ 44 හැවිරිදි පුද්ගලයකුද වෛරසය වැළදී මරණයට පත්වුණා.
ඒ හැර රෝගය හේතුවෙන් මියගිය අනෙක් 424 දෙනාම චීනයේ ප්‍රධාන කලාපයේ වැසියන් වනවා.
මේ වන විට රටවල් 25කින් කොරෝනා ආසාධිතයින් වාර්තාවන අතර ඉන් බහුතරයක්ම චීනයේ සංචාරය කළ පුද්ගලයන් වනවා.
මෙම අවදානම් අවස්ථාව චීනය මුහුණ දෙන පරීක්ෂණයක් බවයි චීන ජනාධිපතිවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish