කොරෝනා දරුණුවෙයි / මරණ 492 යි / ආසාදිතයන් 24,000 යි

වූහාන් කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වාර්තාවන මරණ ගණන 492 ක් දක්වා වර්ධනයවී තිබෙනවා.
ඒ අනුව ග.වූ පැය 24 තුල පමණක් මරණ 66ක් වාර්තාවී ඇති බවයි සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ.
මේ වන විට චීනය ඇතුලු රටවල් 26කින් වාර්තාවන රෝගීන් ගණන 24,000 ක් ඉක්මවා තිබෙනවා.
ඒ අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ චීනයෙන්.
තවත් ලක්ෂයකට ආසන්න පිරිසක් චීනය තුල වෛරසය ආසාදනයවූවන් බවට වන සැකය මත පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතිනවා.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා තත්ත්වය තවමත් වසංගත තත්ත්වයක් බවට පත්ව නොමැති බවයි.
එහෙත් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා මුඛ ආවරණ පැළදීම පමණක් ප්‍රමාණවත් නොවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.