බැංකොක් වෙඩි තැබීමෙන් 20 මරුට / ප්‍රහාරකයාත් මිය යයි

තායිලන්තයේ බැංකොක් නුවරදී හමුදා සෙබලකු සිදුකළ විවෘත වෙඩි තැබීමෙන් පුද්ගලයින් 20 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයට හේතුවක් මෙතෙක් අනාවරණවී නොමැති බවයි.
ප්‍රහාරකයා බැංකොක් හී බෞද්ධ විහාරයක් හා සුපිරි වෙළද සංකීරණයක් මුල්කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබුණා.
පැය ගණනාවකට පසු ප්‍රහාරකයාද වෙඩි තබා ඝාතනය කිරීමටයි තායි පොලිසිය සමත් වුණේ.
මේ පිළිබද අදහස් දක්වමින් එරට හමුදාවේ දෙවන ප්‍රධානියා සදහන් කළේ මෙම සෙබලා විශේෂ හැකියාවන් රැසකින් සමත්විත වූ අයකු බව හෙළිව ඇති බවයි.
ඔහු අවි ආයුධ හැසිරවීම පිළිබද විශේෂ දැනුමත් සහිත අයකු බවද හෙළිව තිබෙනවා.
සැකකරු ප්‍රහාරයට අවශ්‍ය අවි ලබාගෙන ඇත්තේ සිය ප්‍රධානියාවූ හමුදා නිලධාරියකු ඝාතනය කිරීමෙන් බවයි තායි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.