මහින්ද අමරවීරගෙන් පොලිසියට ලියුමක්

මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ලක්‍ෂ 420 ක් වටිනා මර්සිඩිස් බෙන්ස් රථයක් තමන්ට ලබාදී ඇති බවට පළවන පුවත සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පොලිස්පතිවරයාට සහ අපරාධ විමර්ශන අධ්‍යක්‍ෂකවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

තමන් අමාත්‍යධූර දැරූ ඉකුත් වසර 10 ක කාලයේදී කිසිඳු අළුත් වාහනයක් නිල වාහනයක් ලෙස භාවිත නොකල බවත් තමන්ට ලබාදීමට යැයි සඳහන් කරමින් යම් වාහනයක් මිලදී ගෙන ඇත්නම් එය මිලදීගත් වර්ෂය හා එයට වර්තමානයේ සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙන්ම එම වාහනය ලබාදී ඇත්තේ කාහටද යන්න පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරන ලෙසට අමාත්‍යවරයා එමගින් ඉල්ලා ඇතැයි සදහන්.

මෙලෙස වාහන මිලදී ගැනීමෙන් මහජන මුදල් අවභාවිතා කිරීමක් සිදුව ඇතිබවට තමන් සලකන බැවින් ඒ පිළිබඳව අවදානය යොමුකර කඩිනමින් විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.  

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :