ජේතවනාරාම දාගැබට අවදානමක් නැහැ

අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම දාගැබේ සිදුව ඇති ඉරිතැලීම්වල අවදානම් තත්ත්වයක් නැති බව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. දාගැබේ ඉදිතැලීම් සම්බන්ධයෙන් වන වාර්තා පිළිබඳ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

ඉරිතැලීම් තත්ත්වය කාලයක සිට පවතින්නක් බවයි ජේතවනාරාම විහාරාධිකාරී පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ පැවැත්වීම සඳහා එම ඉරිතැලීම්වල විශේෂ බදාම තැවරීමක් ද සිදුකර ඇති බව උන්වහන්සේ පවසනවා.

මේ අතර මෙම ඉරිතැලීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියාසිටියේ මෙය අවදානම් තත්ත්වයක් නොවන බවයි.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :