මියන්මාරයේ අවුන්සාන් සුකීට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් නගර පාලනය විසින් ලබාදී තිබූ ෆ්‍රීඩම් ඔෆ් ඔක්ස්ෆර්ඩ් ගෞරව නාමය අවලංගු කර තිඛෙනවා.
ඒ පිළිබද නිවේදනයක් නිකුත් කරමින් ඔක්ස්ෆර්ඩ් නගර පාලනය සදහන් කළේ ඇයට තවදුරටත් එම ගෞරව නාමය දැරීමට සුදුසුකමක් හෝ අයිතියක් නොමැති බවයි. මියන්මාරයේ රෝහින්ග්‍යා ජනතාවට එරෙහි ක්රීයාකාරකම් වෙනුවෙන් සුකී නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම මෙම සිද්ධියට මුල්ව තිඛෙනවා.
පසුගියදා ඔක්ස්ෆර්ඩ් සරසවියේ තැන්පත් කර තිබූ අවුන්සාන් සුකීගේ ජායාරූපයක්ද ඉන් ඉවත් කෙරුණා.
මියන්මාර ප්රජාතන්ත්රවාදී පක්ෂ නායිකාවට සමස්ථ ලෝකයේම විරෝධය පලවෙමින් පවතින්නේ ඇය රෝහින්ග්‍යා ගැටලුව සම්බන්ධයෙන් දරන පක්ෂග්රාහී ස්ථාවරය හේතුවෙනුයි.
53062
ආසාදිතයන්
45171
සුවය ලැබූ
7627
දැනට රෝගීන්
264