සුපිරි වාහන ගත් මැතිඇමතිවරුන්ගේ නම් හෙළිකරන්න ඉල්ලීමක්

යහපාලන රජය සමයේ අතිසුඛෝපභෝගී වාහන මිලදී ගත් සියලු මැතිඇමතිවරුන්ගේ නම් හෙළිකර එම වාහන ගෝල්ෆේස් පිටියේ දී වෙන්දේසි කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.

වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 28000 ක් වැය කර ඇති බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අදහස් පලකරමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

2015 ජනවාරි 08 වනදා සිට 2019 නොවැම්බර් 30 දක්වා කාලය තුළ අධික වටිනාකමකින් යුතු අධිසුඛෝපභෝගී වාහන 78 ක් ගෙන්වා ඇති බවයි එහිදී හෙළි කෙරුණේ. ඒ අතරින් වැඩිම වාහන ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ 2016 සහ 2017 වසරවලයි. කැබිනට් අමාත්‍යවරුන් සඳහා රුපියල් බිලියන 1.65 ක්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ වාහන සඳහා රුපියල් මිලියන 652 ක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් මිලදී ගත් වාහන සදහා රුපියල් මිලියන 564 ක් වශයෙන් වැය කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පක්‍ෂ විපක්‍ෂ නියෝජිතයන් අද දිනයේත් අදහස් පළ කළා.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :