ගිනිකොන වෙරළේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
 
අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්‍යස්ථානය සදහන් කළා.
 
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.

2838

ආසාදිතයන්

2537

සුවය ලැබූ

290

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :