කොරෝනා වෛරසයේ නම වෙනස් වෙයි / මරණ 1100 යි

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 1100 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ ආසාධිතයින් ගණන 45,000 ක මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත් වෛරසයේ පැතිරයාමේ වේගය පහත වැටී තිබීම ද විශේෂත්වයක් වනවා.
මේ වන විට රෝගීන් 4,000 ක් සුවය ලබා මුදා හැර ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර මගීන් හා කාර්ය මණ්ඩලයේ 3705 දෙනකු සහිත ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 175 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් සැළකිය යුතු පිරිසක් වෛසරයට ගොදුරුව ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
මේ අතර කොරෝනා වෛරසයේ නාමය වෙනස් කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ පියවර ගත්තා.
ඒ අනුව නව වෛරසය හැදින්වෙන්නේ Covid ලෙසයි.