විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව පියවර ගන්න / නීතිපති යළි දන්වයි

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් සුදුසු අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළිත් දැනුම් දී තිබෙනවා.

ඒ වැඩබලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු ලබා දෙමිනුයි.

ගිහාන් පිලපිටිය මහතා නව නීති කෘත්‍යයක සැකකරුවෙකු ලෙස නම්කර නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ වැඩ බලන පොලිස්පතිවරයා එය සිදු කරන්නේ කුමන අධිකරණයක ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා නිර්දේශ කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදි මෙම නඩුව කැදවීම සුදුසු බවයි. ඒ අනුව මෙම නඩුව හෙට දිනයේ එම අධිකරණයේදී කැඳවීමට නියමිතයි.