පාඨලී / මනෝ හා හකීම්ගේ සහාය සජිත්ගේ සන්ධානයට

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සන්ධානයට තම පක්ෂවල සහාය ලබා දෙන බව ජාතික හෙළ උරුමය, දමිල ප්‍රගතිශීලි සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසයි.

විශේෂ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂවල නායකයින් වන පිළිවෙලින්, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන මහත්වරු අවධාරණය කළේ, ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා තමන් දායක වන බවයි.

ව්‍යාජය සහ ප්‍රලාප තුළින් බලය ලබාගෙන මේ වනවිට ව්‍යාකූල රටක් නිර්මාණය කර ඇති වත්මන් ආණ්ඩුව පරාජය කර ශක්තිමත්, ප්‍රගතිශීලි හා ජවසම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන සමගි ජනබලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වන බව ද එම පක්ෂ නායකයින් අවධාරණය කර සිටී.

දහසකුත් එකක් ජනතා බලාපොරොත්තුවලට සහ මුලින්ම ප්‍රතිවිරුද්ධ ගමනක යෙදෙන වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ භාරදුර වගකීම තමන්ට පැවරී ඇති බව ද එම පක්ෂ නායකයින් පෙන්වා දෙයි.

එළැඹෙන මහ මැතිවරණය උදෙසා නව සන්ධානයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවිය.