පැය 24 කදී කොරෝනා මරණ 242ක්/ ආසාදිතයින් 60,000 පනී

කෝවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් එක්දිනකදී වාර්තාවූ වැඩිම රෝගීන් ගණන හා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව ගතවූ පැය 24 තුල පමණක් හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 14,000 ක් සොයාගෙන ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 242ක්.
ඒ අනුව ලෝකය පුරා මෙම වෛරසය ආසාදිතයින් ගණන 60,000 ක් ඉක්මවා තිබෙනවා.
ඒ හේතුවෙන් වාර්තාවූ සමස්ථ මරණ සංඛ්‍යාව 1300ක් ඉක්මවනවා.
ඊයේ දිනය වන විට වෛරසය ආසාදනයවීමේ යම් අඩුවක් දක්නට ලැබුණද එය ගතවූ දිනය තුල බරපතල මට්ටමින් වර්ධනයවී තිබීම ලෝකයේ අවධානයට ලක්ව තිබෙනවා.
මේ අතර ජපානයේ යොකහෝමා වරායේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තාවන ආසාදිතයින් ගණන 175 ක්.
එහි සිරව සිටින 3705 දෙනා අධික භීතියකින් පසුවන බවයි කාර්ය මණ්ඩල සාමාජිකයින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.
මේ අතර වෛරසය වාතය හරහා ද පැතිර යන බව හෙළිවීම සමග මෙහි බරපතල භාවය තවත් වර්ධනයවී ඇති බවයි ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.