පරිසරය වෙනුවෙන් තනිව නැඟීසිටි රාජ්‍ය නිලධාරිණිය (VIDEO)

මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියක් පිහිටා ඇති භූමියක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා වෙන්කර ගැනීමට උත්සාහ කළ ප්‍රදේශවාසීන් උත්සහ කළ අවස්ථාවක රාජ්‍ය නිලධාරිනියක් සිය විරෝධය දක්වන ආකාරය දක්වන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා භූමිය නිදහස් කිරීමට හැකිද යන්න පිළිබද විමසීමේදී ඇය ඒ පිළිබද අදහස් දක්වමින් කළ ප්‍රකාශය බෝහෝ දෙනාගේ ඇගයීමට හේතුවී තිබෙන අතර ප්‍රදේශවාසීන් බලපෑම් එල්ල කරමින් ප්‍රකාශ සිදුකරන අතර ඇය තනිව නඟී සිටීම දක්නට ලැබෙනවා.

ප්‍රදේශවාසියෙක් එහිදී සඳහන් කරන්නේ තමන්ට ඔක්සිජන් අවශ්‍ය නැති බවයි .මිනිසුන් මැරෙන්නේ කුඩු නිසා බවත් එම පුද්ගලයන් එහිදී සඳහන් කරනවා.

නීතියට පිටින් වැඩ කරන්න බැහැ යනුවෙන් සදහන් කරන එම නිලධාරිණිය ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය බවයි වාර්තා වන්නේ.