උදයංග වීරතුංග අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින්.
ඔහු මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ එල්- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මතයි සැකකරුට වරෙන්තු නිකුත් කර තිබුණේ.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :